හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..සියලු විස්තර මෙන්න..

ministry sri lanka government politics Gazett
By Sewvandhi Jan 10, 2022 03:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. 

 2022 ජනවාරි 10 දිනැති අංක 2187/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල , බුද්ධශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පනත බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉවත්කර ඒ යටතේ තිබූ සියලුම ආයතන සහ සුවිශේෂී කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත. 

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත (1991 අංක 19) අධ්‍යාපන අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇත. අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery