පොලිසියට නෙදර්ලන්තයෙන් ගෙනා නව සුනඛයින්...

By Parami Dissanayake Jul 05, 2024 06:04 PM GMT
Report

අද (05) නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු රැගෙන එනු ලැබීය.

දුම්රියක් පීලි පනී...

දුම්රියක් පීලි පනී...

නෙදර්ලන්තයේ K10 Workingdogs නැමැති පෞද්ගලික සත්ත්ව ගොවිපළෙන් මෙම සුනඛයින් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල් රුපියල් මිලියන 58කි.

මෙම සුනඛයින් අතර, බෙල්ජියම් මැලිනොයිස් (Belgian Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Spaniel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ඇතුළු සුනඛයින් 35 දෙනෙකු සිටින බව වාර්තා වේ.

සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වේ...

සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වේ...

එමෙන් ම, මාස 8ත් 12ත් අතර වයස්වල පසුවන මෙම සුනඛයින් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් ය.‍