වැසි සමඟ මාරාන්තික 'මී උණ' අවදානම ඉහළට - මේ වසරේ මේ දක්වා රෝගීන් 7,000ක් වැඩිම අවදානම් දිස්ත්‍රික්ක 4 මෙන්න
මහ කන්නයේ ආරම්භයත් සමඟ පවතින මෝසම් වැසි හේතුවෙන් මෙරට මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මේ වසරේ මේ දක්වා මී උණ රෝගීන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ඉදිරියේදී වැසි තත්ත්වය වැඩිවීමත් සමඟ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙයි. මේ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාරි දබ්බරේරා මහත්මිය සඳහන් කළාය.
තවද, වසරකට සාමාන්‍යයෙන් මී උණ රෝගය හේතුවෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මියයන බවද ඇය පැවසුවාය.
මෙම වසරේ වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක ලෙස පහත දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබේ.
රත්නපුර කෑගල්ල ගාල්ල මාතර වැසි සහිත කාලගුණයත් සමඟ මී උණ අවදානම ඉහළ යා හැකි බැවින් ජනතාව තම ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.
මී උණ රෝගයේ රෝග ලක්ෂණ ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවල ලක්ෂණවලට සමාන විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. උ
ණ, තද හිසරදය, මස්පිඩු වේදනාව සහ ඇස් රතු වීම වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් ස්වයං ප්රතිකාරවලින් වැළකී වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් බරපතළ සංකූලතා සහ ජීවිත හානි වළක්වාගත හැකි බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.