විමල් වීරවංශ අභියාචනාධිකරණයට පැමිණෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (12) උදෑසන අභියාචනාධිකරණය හමුවට පැමිණියේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අද දින අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිතව ඇත.
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නම් කර තිබෙන අතර, අද දිනයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
එම නඩු කටයුතු සඳහා පෙනී සිටීමට විමල් වීරවංශ මහතා මෙලෙස අභියාචනාධිකරණය වෙත පැමිණ තිබේ.