කොළඹ දරුණු ලෙස යටවෙයි - තත්වය නරක අතට - දැඩි රථවාහන තදබදයක් වාර්තා වෙයි
By Ashfa
ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අද (11) පස්වරුවේ කොළඹ ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ සංඝරාජ මාවත, ඛෙත්තාරාම හන්දිය, නවම් මාවත, බොරැල්ල, ආමර් බාබර් වීදිය, බත්තරමුල්ල, ඕල්කට් මාවත යනාදි ප්‍රදේශවලට ඇදහැළුණු තද වැසි හේතුවෙන්ය.
ලාෆ් ගෑස් ප්‍රශ්ණය උඩුදුවයි - ලාෆ් සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වීමේ නඩුවට වුන දේ මෙන්න
පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇති බවය. මීට අමතරව අද පස්වරුවේත් කොළඹ, ගම්පහ, මහනුවර, හැටන් ඇතුළු ප්‍රදේශ රැසකටම අධික වැසි පතිත වුණා.
කොළඹ නගරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇත.
ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න
