දකුණු මුහුදේදී නාවික හමුදාවෙන් තවත් සුපිරි වැටලීමක් - මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් කොටු වෙයි

Report

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කළා.

මෙම මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.

මේ අතර, පසුගිය දින කිහිපය තුළද මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය නොවැම්බර් 5 වැනිදා දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 57කට වැඩි ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

එමෙන්ම, 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,773කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2,130කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍යවල දළ වීදි වටිනාකම රුපියල් බිලියන 114කට අධික බව සඳහන්. තවද, 2026 වසරේ මේ දක්වා නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී රුපියල් බිලියන 73කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව සඳහන්.

ඔබේ ජීවිතයම සරු කරන බඹරේ වැල්ලේ කැරකෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

ඔබේ ජීවිතයම සරු කරන බඹරේ වැල්ලේ කැරකෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

ඉන්දියාවම බලා සිටි සුපිරි විවාහය සිදුවෙයි - ජනප්‍රිය සංගීත නිර්මාපක අනිරුද් සහ කාව්‍යා මාරන් ග්‍රීසියේදී අතිනත ගනියි

ඉන්දියාවම බලා සිටි සුපිරි විවාහය සිදුවෙයි - ජනප්‍රිය සංගීත නිර්මාපක අනිරුද් සහ කාව්‍යා මාරන් ග්‍රීසියේදී අතිනත ගනියි