සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වේ...

Report

චීනයේ සීසැං දිස්ත්‍රික්කයෙහි පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ සිව්වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී වී තිබෙනවා.

මූතූර් පාලු ළිඳකින් තරුණියකගේ මළ සිරුරක්...

මූතූර් පාලු ළිඳකින් තරුණියකගේ මළ සිරුරක්...

එහි දී රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, චීනයේ සීසැං ස්වයං පාලන කලාපීය මහජන රජයේ විධායක උප සභාපති, ගරු Ren Wei මහතා විසින්.

සංචාරක ව්‍යාපාරය, සංස්කෘතිය සහ ආර්ථිකයේ විශිෂ්ටත්වය සඳහා කලාපයට ආවේණික නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වැනි විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කරගැනීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.