අද ඩොලරයට මොකද වුණේ? - මෙරට ප්රධාන වාණිජ බැංකුවල අලුත්ම ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න
ඊයේ දිනයට සාපේක්ෂව අද (12) ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වෙනස්කම් සහිතව හෝ ස්ථාවරව පවතින බව වාර්තා වනවා.
ඒ අනුව, සෙලාන් බැංකුවේ (Seylan Bank) ඩොලරයක ගැනුම් මිල රු. 328.10ක් වන අතර, විකුණුම් මිල රු. 337.35ක් ලෙස සටහන් වනවා. NDB බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රු. 327.80ක් සහ විකුණුම් මිල රු. 336.80ක් ලෙස පවතිනවා.
මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් මිල රු. 328.20 සිට රු. 328.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 336.34 සිට රු. 336.39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඩොලරයක ගැනුම් මිල රු. 326.33ක් වන අතර, විකුණුම් මිල රු. 336.25ක් ලෙස නොවෙනස්ව පවතිනවා.
සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයක ගැනුම් මිල රු. 328.25ක් සහ විකුණුම් මිල රු. 336.25ක් ලෙස සටහන් වනවා. ඒ අනුව, අද දිනයේදී බැංකු කිහිපයකම ඩොලරයේ විනිමය අනුපාතවල විශාල වෙනසක් සිදුවී නොමැති බව දැකගත හැකියි.