මාසික මාර්ග බලපත්‍ර ක්‍රමවේදය නිසා ගැමුණු විජේරත්නගෙන් මානව හිමිකම් කොමිසමට
බස්නාහිර පළාත තුළ මගී බස් රථ සඳහා මාසිකව මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම හේතුවෙන් සමස්ත බස් කර්මාන්තයටම බරපතළ ගැටලුවක් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මෙතෙක් වාර්ෂිකව සිදුකෙරුණු මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් මේ මස පළමු වැනි දින සිට මාසිකව බලපත්‍ර දීර්ඝ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇති බවයි.
අදාළ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මේ බව අනාවරණය කළේය.