ඉන්ධන මිල ගණන් පහළ යනකම් මඟ බැලුවට තවත් උඩයන ඉන්ධන මිල - බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Report

ඉන්ධන මිල ගණන් පහළ යනු ඇතැයි රියදුරන් බලාපොරොත්තුවෙන් සිටි මොහොතක, නව ගැටලුවක් මතු වී තිබේ. එනම්, රජය විසින් සහන පියවර ක්‍රියාත්මක කර තිබියදීත්, ඇතැම් ඉන්ධන වර්ගවල මිල තවදුරටත් ඉහළ යන්නේ මන්ද යන්නයි.

පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ කටයුතු කිරීම වඩ වඩාත් දුෂ්කර වී ඇති බව පවසමින්, පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු යැයි දිගින් දිගටම බලපෑම් කිරීමත් සමඟ මෙම විවාදය තවදුරටත් උත්සන්න වී ඇත.

මෙම ගැටලු සැලකිල්ලට ගනිමින්, සැපයුම්කරුවන් මුහුණ දෙන පීඩනය යම්තාක් දුරකට ලිහිල් කිරීමේ අරමුණින් රජය විසින් ඉන්ධන සහනාධාරයක් හඳුන්වා දෙන ලදී.

රටේ ඉන්ධන ගැටලුවක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විරෝධතාවයක

රටේ ඉන්ධන ගැටලුවක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විරෝධතාවයක

කෙසේ වෙතත්, මෙම සහාය ලැබී තිබියදීත්, පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් 'ඔක්ටේන් 95' (Octane 95) පෙට්‍රල් සහ 'සුපර් ඩීසල්' (Super Diesel) මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

මෙය විවේචනයට ලක්ව ඇති අතර, රජයේ මැදිහත්වීම්වල ප්‍රතිලාභ සැබවින්ම පාරිභෝගිකයින් වෙත ලැබේද යන්න පිළිබඳව නැවතත් ගැටලු මතු වී තිබේ.

ගෝලීය ඉන්ධන වෙළඳපොළේ මිල ගණන්වල දැඩි උච්චාවචනයන් සිදුවන අවස්ථාවලදී, එම පාඩු දරා ගැනීමට තමන්ට නොහැකි බව පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් බලධාරීන්ට නැවත නැවතත් දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පැවසීය.

ඉන්ධන භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - ඉන්ධන මිල ගැටලුව හා තෙල් සැපයුම්කරුවන්ගේ ගැටලු විසඳීමේ සූදානමක්

ඉන්ධන භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - ඉන්ධන මිල ගැටලුව හා තෙල් සැපයුම්කරුවන්ගේ ගැටලු විසඳීමේ සූදානමක්

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පවසන පරිදි, මිල ගණන් සකස් කිරීමේදී යම් නම්‍යශීලී බවක් ලබා දෙන මිලකරණ රාමුවක් රජය විසින් දැනටමත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබා දී ඇත.

"ඉන්ධන මිල ගණන්වල සැලකිය යුතු වෙනස්කම් සිදුවන විට, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) හැර අනෙක් සමාගම් තුන පවසන්නේ තමන්ට එම පාඩු දරාගත නොහැකි බවයි.එබැවින් අපි ඔවුන්ට මිලකරණ සූත්‍රයක් ලබා දී තිබෙනවා. එම සූත්‍රයට අනුව, නියමිත සීමාවකට යටත්ව මිල ගණන් ඉහළ දැමීමට ඔවුන්ට අවසර තිබෙනවා. 'ඔක්ටේන් 95' පෙට්‍රල් සහ 'සුපර් ඩීසල්' මිල ගණන් ඔවුන් ඉහළ දමා ඇත්තේ ඒ නිසයි. ඔවුන්ට ලබා දී ඇති රාමුව තුළ එම නිදහස ඔවුන්ට තිබෙනවා," යැයි ඔහු පැවසීය.

ලාෆ් ගෑස් ප්‍රශ්ණය උඩුදුවයි - ලාෆ් සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වීමේ නඩුවට වුන දේ මෙන්න

ලාෆ් ගෑස් ප්‍රශ්ණය උඩුදුවයි - ලාෆ් සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වීමේ නඩුවට වුන දේ මෙන්න

ඉන්ධන බෙදාහරින්නන් විසින් අවම තොග මට්ටම් පවත්වාගෙන යා යුතු බවත්, පවතින රෙගුලාසිවලට අනුකූලව වෙළඳපොළට ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන වෙළඳපොළ මුහුණ දෙන අභියෝග අලුත් ඒවා නොවන බවත්, මෙම ක්ෂේත්‍රයට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත් කාලයේ සිටම පැවති ව්‍යුහාත්මක ගැටලු මීට හේතු වී ඇති බවත් අපොන්සු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

"මෙය ඊයේ පෙරේදා ඇති වූ තත්ත්වයක් නොවේ. මෙම ගිවිසුම් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. ආරම්භයේ සිටම මෙහි ගැටලුවක් තිබුණා. වෙළඳපොළ නිර්මාණය වී තිබුණේ සියලුම සමාගම් සඳහා සමාන කොන්දේසි මත නොවේ. එය සැබ තරඟකාරී ඉන්ධන වෙළඳපොළක් ගොඩනැගීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් දිගින් දිගටම කතා කළද, සැබෑ තරඟකාරීත්වයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණයෙන්ම සංවර්ධනය වී නොමැති බව අපොන්සු පැවසීය.

මෙම අසමතුලිතතාවය මඟහරවා ගැනීමේ උත්සාහයක කොටසක් ලෙස, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) යටතේ නව ඉන්ධන පිරවුම්හල් 72ක් ස්ථාපිත කිරීමට රජය අදහස් කරන බව ඔහු හෙළි කළේය.

බලශක්ති අමාත්‍යාංශයට අනුව, ඉදිරි වසරවලදී වෙළඳපොළ තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ වඩාත් ස්ථාවර ඉන්ධන සැපයුම් පද්ධතියක් සහතික කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රධාන පියවරක් ලෙස, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ජාලය පුළුල් කිරීම සැලකේ.