රටක් ආදරය කළ නයෝමි චාන්ට මොකද වුණේ? ඇමතිනි සරෝජා පෝල්රාජ්ගෙන් සංවේදී සටහනක්
දරු ප්‍රසූතියේදී ඇති වූ සංකූලතා හේතුවෙන් මියගිය බව පැවසෙන, සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව සිටි නයෝමි චාන් (Nayomi Chan) ගේ අභාවය පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සිය ශෝකය පළ කර තිබේ.
ජනප්‍රිය ශ්‍රී ලාංකික Content Creator ආශා නයෝමි වීරවර්ධනගේ (නයෝමි චන්) ඇයගේ පළමු දරුවා ලැබීමට අපේක්ෂාවෙන් සිටියදි දරු ප්‍රසූතියෙන් පසු ඇති වූ බව කියන සංකූලතා හේතුවෙන් ඊයේ (10) ජීවිතක්ෂයට පත්ව ඇත.
ජපානයේ Soka විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ලිබරල් කලා පීඨයෙන් 2022 වසරේදී උපාධිය ලබාගෙන පසුව ජපානයේ Amazon ආයතනයේ ද සේවය කල ඇය 1993 ජුනි 12 වැනිදා උපත ලැබූ ඇය මියයන විට 33 හැවිරිදි වියේ පසුවූවාය.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය පෝල්රාජ් මහත්මිය නයෝමි චාන්ගේ අභාවය පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කළ අතර, ඇය තම සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය යොදා ගනිමින් සමාජයට, විශේෂයෙන්ම කාන්තාවන්ට, දැරියන්ට සහ තරුණ තරුණියන්ට යහපත් බලපෑමක් ඇති කිරීමට ගත් උත්සාහය පිළිබඳව අවධාරණය කළාය.
මව් පදවියට සූදානම් වූ සුන්දර ‘නයෝමිචාන්’ගේ අකල් වියෝව- සමාජ මාධ්‍ය කැළඹූ පුවත- මරණයට හේතුව අධි රුධිර වහනයක්ද?
නයෝමි චාන් හුදෙක් ප්‍රසිද්ධිය සහ පිළිගැනීම සොයා යාමෙන් ඔබ්බට ගොස්, වැදගත් සමාජ ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා තම සමාජ මාධ්‍ය වේදිකාව යොදා ගත් බව අමාත්‍යවරිය සඳහන් කළාය.
නයෝමි චාන් විසින් බෙදා ගන්නා ලද වීඩියෝවක් සිහිපත් කළ අමාත්‍ය පෝල්රාජ් මහත්මිය, කාන්තාවන්ගේ ආරක්ෂාවේ වැදගත්කම සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමාජයට ඇති වගකීම පිළිබඳව ඇය ඉතා සරලව නමුත් අර්ථවත් ලෙස අදහස් දැක්වූ ආකාරය තමන්ට මතක බව පැවසුවාය.
එමෙන්ම, අමාත්‍යවරිය නයෝමි චාන්ගේ පවුලේ සාමාජිකයින් වෙත සිය ශෝකය පළ කළ අතර, මෙම වියෝව දරා ගැනීමට ඔවුන්ට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කළාය.
අමාත්‍යවරියගේ සටහන පහතින්