ඉදිරි පැය 24 දැඬි අවදානමක් - මේ ප්‍රදේශ කිහිපය දැන්ම අවදානමට සූදානම් වෙන්න
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අද (11) පස්වරු 4:00 සිට හෙට (12) පස්වරු 4:00 දක්වා මෙම නිවේදනය වලංගු වේ.
ඒ අනුව, ප්‍රදේශ කිහිපයක් සඳහා අවදානම් මට්ටම් දෙකක් යටතේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න
2 වන මට්ටම - අවදානම් අනතුරු ඇඟවීම (ඇම්බර් වර්ණය) මෙම මට්ටම යටතේ දැඩි අවධානයෙන් සිටින ලෙස පහත ප්‍රදේශවල ජනතාවට දැනුම් දී ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කය - අරණායක, දෙහිඕවිට, මාවනෙල්ල සහ දැරණියගල
නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව කෝරලය, නිල්දණ්ඩාහින්න සහ වලපනාව
රත්නපුර දිස්ත්‍රික්කය - ඇලපාත, එළියගම, වැලිගෙපොළ සහ අයගම
ඉන්ධන භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - ඉන්ධන මිල ගැටලුව හා තෙල් සැපයුම්කරුවන්ගේ ගැටලු විසඳීමේ සූදානමක්
1 වන මට්ටම - විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම (කහ වර්ණය) මෙම මට්ටම යටතේ පහත ප්‍රදේශවලට විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල සහ පස්සර
කොළඹ දිස්ත්‍රික්කය - පෑලියගොඩ / පෑලියගොඩ සහ සීතාවක (පාදුක්ක සහ සීතාවක)
කළුතර දිස්ත්‍රික්කය - මතුගම සහ පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කය - යටිනුවර, පස්බාගේ කෝරලය, උඩුනුවර, ගඟ ඉහළ කෝරලය, දොළුව, උඩුදුම්බර සහ උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය - කෑගල්ල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, වරකපොළ සහ යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය - කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, මතුරට, නෝර්වුඩ් සහ හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය - කිරිඇල්ල, කුරුවිට, බලංගොඩ, කොළොන්න, ගොඩකවෙල සහ රත්නපුර
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.