සී.අයි.ඩී.යට නව අධ්‍යක්ෂවරයෙක්

By Sewvandhi Oct 28, 2021 09:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත මාරුකර තිබේ.

ඒ අනුව මාතර සහ හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ඩබ්ලිව්. තිලකරත්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මුල්ලේරියාව, ගොතටුව, පෙත්තපිටිය, පල්ලෙවෙල, මොනරාගල, ඇතිමලේ සහ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරුන්ව ද සේවා අවශ්‍යතා මත මාරුකර ඇති බවය.

මේ අතර , රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එම ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා තිබේ.

ඒ අද දින පියතුමා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි වෙනත් පියතුමන්ලා තිදෙනකු මාර්ගයෙනි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23 වැනිදා සූම් තාක්ෂණික සංවාදයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එම සංවාදයට එක්වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු.සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ පසුගිය 25 වැනිදාය.

එම පැමිණිල්ලේ දැක්වුණේ අදාළ සංවාදයේ සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මූල්‍යමය හා වෙනත් සහන ලබා දී ඇතැයි ප්‍රකාශ කර ඇති බවය. එසේම සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකර ඇතැයි එම පියතුමන් ප්‍රකාශ කර ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වුණි.

එම සියලු චෝදනා මුළුමනින්ම අසත්‍ය චෝදනා බවත් ඒ ඔස්සේ තමන්ට සහ බුද්ධි අංශ වෙත දැඩි අගතියක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිය පැමිණිල්ල තුළින් ඉල්ලා තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් විමර්ශනයක් ආරම්භ කරන බවය.

කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර එහි ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගරු සිරිල් ගාමිණි පියතුමන්ව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

පියතුමන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තිදෙනෙකු අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඒ පිළිබඳ අදහස් දැක්වු ගරු ශාන්ති කුමාර් වැලිවිට පියතුමා, "අපි පැමිණියේ ගරු සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් ලිපියක් භාරදීමට.

එතුමා නීතිඥයින්ගේ සහය සහ උපදෙස් පතා ඉල්ලා සිටියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සතියක කාලයක් එතුමාට දෙන්න කියලා මේ සඳහා සුදානම් වෙලා එන්නට. ඒකට අවසරය ඔවුන් අපට ලබාදුන්නා." ප්‍රශ්නය - ඇයි ඔබතුමන්ලා ළඟ තොරතුරු තිබෙනවා නම් රහස් පොලීසියට ලබාදෙන්නේ නැත්තේ ? "ඒ අය අවුරුදු දෙකක කාලයක් වැඩකටයුතු කළානේ. එපි එතනින් එහාට කතා කරන්න අවශ්‍යතාවයක් නෑ."  

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.