දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ගැන ගත් අලුත්ම තීරණය..

police army strike Train thaipongal
By Sewvandhi Jan 14, 2022 12:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (14) දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන් කර තිබේ. ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13) ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර ඔවුන් යළි එලෙස හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

ඒ වනවිට ගමන් කරමින් තිබූ දුම්රිය කිහිපයක්ම හදිසි වර්ජනය නිසා අතරමග නතරවූ අතර තෛපොංගල් නිවාඩුවට ගම්බිම් යාමට පැමිණි මගීන් විශාල පිරිසක් ඒ හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණදී තිබුණි.

මේ අතර අද (14) පෙරවරුවේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී විනාඩි 30ක පමණ කාලයක් නතරකර තබා ඇත.

සංඥා ලබානොදීම හේතුවෙන් කොටගල දුම්රිය ස්ථානයට කිලෝමීරයක් පමණ ආසන්නයේ මෙලෙස දුම්රිය නතරකර තබා තිබු බව වාර්තා වෙයි. පසුව පොලිස් නිලධාරින්ගේ මැදිහත්වීමෙන් පස්වරු 1 ට පමණ පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය වෙත ධාවනය කර තිබුණි. 

  මගීන්ගේ සහ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලීසියට අමතරව යුද හමුදාව ද කැඳවා තිබුණි. දුම්රියේ ගමන් ගත් මගීන්ව බස් රථවලින් පිටත් කර යැවීමට පොලිස් නිලධාරින් පියවර ගෙන තිබුණි.

මේ අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියද නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී නතර කර ඇත.

පොලිස් නිලධාරින්ගේ මැදිහත්වීමෙන් එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ධාවනය කර තිබේ. එතැන් සිට එම දුම්රියේ ගමන් ගත් මගීන්ව බස් රථ මගින් පිටත් කර යෑවීමට පියවර ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now