දුම්රිය වර්ජනය ගැන ගත් අලුත්ම තීරණය මෙන්න..(VIDEO)

By Sithumi Dec 28, 2021 01:28 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක බැවින් සිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ, සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවය.

ඒ අනුව හෙට (29) සිට සුපුරුදු රාජකාරියේ යෙදෙන බවද පැවසු ඒ මහතා, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද පැවසීය. දින දෙකක් ඇතුළත දුම්රිය මගීන්ට අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යතුමියගේ දැනුම්දීම මත සාධනීයව මැදිහත්වෙලා අපේ ඉල්ලීම්වලට සාර්ථක ලෙස පිළිතුරු ලබාදෙන්න නියෝග ලබාදුන්නා. ඒ පිළිබඳව අපි සෑහීමකට පත්වෙනවා මේ මොහොතේ දී. ඒ වගේම දුම්රිය මගීන්ගේ පැත්තෙන් දුම්රිය යථාවත් කරන්න කියන නියෝගය ලබාදුන්නා. දෙපාර්තමේන්තු නිලධාරීන් තවදුරටත් කල්මරමින් සිටියා දෙවැනිදා දක්වා. නමුත් රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට නියෝග කළා කඩිනමින් ආරම්භ කරන්න කියලා.

ඒ වගේම රියදුරන්ගේ නියාමකවරුන්ගේ පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අයට අනුමැතිය නැති එක දෙපාර්තමේන්තුව පැත්තෙන් මතු වුණා. නමුත් ඒ සහෝදර ශ්‍රේණි දෙකේ අවශ්‍යතාවයටත් අපි මැදිහත් වුණා. අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා කඩිනමින් ඔවුන්ගේ අනුමැතිය ලබාදීමට කටයුතු කරන්න කියලා. ඒ ප්‍රශ්නයත් අමාත්‍යවරයා මැදිහත් වෙලා අමාත්‍යාංශ ලේකම්වරයා හරහා අනුමැතිය අරන්දෙන බව කිව්වා.

හෙට දිනයේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය යථාවත් වෙන බව තහවුරු වුණා. මගී දුම්රියත් හෙටින් ආරම්භ වෙලා යථාවත් කරන්න පොරොන්දු වුණා. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය පිළිබඳව අවශ්‍ය කටයුතු ඉදිරියේ දී සිදුකරන්න, ඒත් එක්කම අපේ අනිත් ඉල්ලීම් තිබුණ උසස්වීම් ලබාගැනීම තෙක් ආවරණ දීමනාව ලබාදීම ඇතුළු අපේ ප්‍රධාන කරුණු 25න් 10කට පැහැදිලි සාධනීය පිළිතුරු ලබාදුන්නා. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දුන්නා හෙට ලිඛිතව මේවා ක්‍රියාත්මක කරන්න කියලා. රාජ්‍ය අමාත්‍යවරයා ගැන ඇති විශ්වාසය මත මේ මොහොතේ අපි විධායක කමිටුව දැනුම්දීලා අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now