දුම්රිය වර්ජනය ගැන අලුත්ම තීරණය..

By Sewvandhi Dec 15, 2021 11:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දුම්රිය රියදුරන් සහ නියාමකවරු අද (15) දහවල් සිට ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. බ

ලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව එලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දුම්රිය එංජින් රියදුරන් ඇතුළු දුම්රිය ශ්‍රේණි ගණනාවක උසස්වීම් අහිමිකිරීම හා අත්තෝමතික ලෙස පසුගිය කොවිඩ් කාලයේ සේවයට පැමිණීමට නොහැකි වූ දුම්රිය සේවකයින් සේවයෙන් ඉවත්කිරීමත් ආදි හේතු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබුණි.

දුම්රිය නියාමක සංගමය, දුම්රිය එංජින් රියදුරන් හා සෙසු වෘත්තීය සංගම් ගණනාවක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now