ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..

covid19 vaccination delta variant chandima jeewandhara
By Sewvandhi Sep 27, 2021 09:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පැතිරීයන කොරෝනා වෛරසය ඩෙල්ටා ප‍්‍රභේදයේ අනු ප‍්‍රබේදයක් ලෙස හදුනාගෙන තිබේ. එම ප්‍රභේදය AY-28 ලෙස නම් කරන ලද බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මූලිකව හඳුනාගත් මෙම ප්‍රභේදය දැනටමත් ලෝකයේ රටවල් තුනකට ව්‍යාපෘති වී ඇතැයිද ජීවන්දර මහතා කියා සිටියේය. තුර්කියේ ආසාදිතයන්ගෙන් 8%ක්, ඉන්දියාවේ ආසාදිතයන්ගෙන් 4%ක්, රුසියාවේ ආසාදිතයන්ගෙන් 3%ක් ලෙස එම ප්‍රභේදය හඳුනාගෙන ඇතැයිද ඔහු පැවසීය.

මේ අතර, මෙරට විශාලතම PCR පරීක්ෂණාගාරය සහිත කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජෛව සාම්පල ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කරන පද්ධතියේ මතුවූ තාක්ෂණික ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම කටයුතු අත්හිටුවීමට සිදුවී ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පෞද්ගලික ආයතනයක් සමග එක්වී කටුනායක 18 කණුව ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කළේය. මේ හේතුවෙන් විදෙස්ගතව සිට පැමිණෙන දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබාගැනීම ගුවන්තොටුපොලේදීම සිදුකෙරන අතර අදාළ සාම්පල එම මධ්‍යස්ථානයේ පර්යේෂණාගාරය වෙත යොමුකර වාර්තා ලබාගැනීම පමණක් දැනට සිදුකෙරේ.

පසුගිය ජූලි මස 9 වැනිදා සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක් වැයකර මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට අනුමැතිය හිමිවී තිබුණි. මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ට මතුවන ගැටලු අවම කර පැය 03ක කාලයක් තුළ අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබාදී සංචාරකයින්ට ගමනාන්ත වෙත යාමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී සංචාරක අමාත්‍යංශය පැවසුවේ පවතින තාක්ෂණික ගැටලු නිරාකරණය කර හෙට (28) වන විට මෙම මධ්‍යස්ථානයේ දී ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු යළි ආරම්භ කරන බවය.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now