කොවිඩ් වසංගතය පාලනයට තවත් එන්නතක්
කොවිඩ් වසංගතය පාලනයට තවත් එන්නතක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනය තීරණය කර තිබෙනවා.
එහි අත්හදාබැලීම් ලබන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කෙරෙන අතර “කොවොවැක්ස්” ලෙස නම් තබා ඇති බවයි සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආදර් පූනාවල්ලා මහතා සඳහන් කර ඇත්තේ.
ඒ අනුව වැඩිහිටියන්ට සහ ළමුන්ට ලබන වසරේ සිට මෙම එන්නත ලබාදීමට අපේක්ෂිතයි. “කොවිෂීල්ඩ්” එන්නත නිපදවනු ලබන්නේද සීරම් ආයතනයේ වන අතර එහි මාස කිහිපයකට පෙර හටගත් ගින්නක් හමුවේ නිෂ්පාදන කටයුතු අඩාල වුණා.
මෙලෙස නිපදවනු ලබන “කොවොවැක්ස්” එන්නතද මාත්‍රා 02 කින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
COVID-19 වලින් මිනිසුන් බරපතල ලෙස රෝගාතුර වීම හෝ මිය යාම වැළැක්වීම සඳහා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් කිහිපයක් තිබේ. මෙය COVID-19 කළමණාකරණයේ එක් අංගයක් වන අතර අවම වශයෙන් මීටර 1 ක් වත් අන් අයගෙන් ඈත්ව සිටීම, වැලමිටේ ඇතුලු පැත්ත භාවිතයෙන් කැස්ස හෝ කිවිසුම් යාම පාලනය කර ගැනීම, නිතර අත් සේදීම, මුහුණු ආවරණයක් පැළඳීම සහ දුර්වල වාතාශ්‍රයක් ඇති කාමර වලින් වැළකීම හෝ කවුළුවක් විවෘත කිරීම ආදිය දැක්විය හැක.
2021 ජුනි 3 වන විට, කොවිඩ් -19 ට එරෙහිව පහත සඳහන් එන්නත් මඟින් ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය නිර්ණායක සපුරාලන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තක්සේරු කර ඇත:
ඇස්ට්‍රාසෙනෙකා/ඔක්ස්ෆර්ඩ් එන්නත
ජොන්සන් සහ ජොන්සන්
මොඩර්නා
ෆයිසර්/බයෝන්ටෙක්
සිනොෆාම්
සිනොවැක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |