ලංකාවට නව ව්‍යවස්ථාවක්. - කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ දැනුම්දීමක්.
Parliament of Sri Lanka
Government Of Sri Lanka
Nalinda Jayatissa
By Wayomi
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ, අනුව රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණි විගස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු ඊයේ පැවති කැබිනට් හමුවේදී කියා සිටියේ.
එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු දික් ගැස්සීමට ඉඩ නොදෙන බවත් බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අනුව ජනතා අදහස් වලට ඇහුම්කන් දෙමින් පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන නිශ්චිත කාලසීමාවක් ඇතුලත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රටට හදුන්වා දෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ඉතාමත් ප්‍රවේශමෙන්. - රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් පුද්ගලික දත්ත සොරාගැනීමක්.- රජයෙන් විශේෂ දැනුම්දීමක්.
You may like this video