1 වසරට යන අලුත් දරුවන් අලුත් නීති.
ලබන වසරේ (2024) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා සකස් කළ නව රෙගුලාසි අනින්දා (12 ) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ, අනුව මෙවර චක්‍රලේඛයට ඉතිහාසයේ ප්‍රථම වරට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධානද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේ, එම දරුවන් වෙනුවෙන් සියයට තුනක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණ ද නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කිරීමකින් තොරව එවැනි දරුවන් ඇතුළත් කිරීම සඳහා චක්‍රලේඛයෙන් විධිවිධාන සලකා තිබෙන බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කැබිනට් මණ්ඩල අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවන බවත් මාසයක කාලයක් ඒ සඳහා ලැබෙන බවත්ය.
සාමාන්‍යයෙන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ අයැදුම්පත් කැඳවෙන්නේ ජුනි මස පළමු සතියේ වන අතර ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම අවම වශයෙන් පෙබරවාරි මාසය දක්වාවත් කල් යනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |