නවතම අයවැය යෝජනාව ..ඉදිරිපත් කළ සියලූම කරුණු මෙන්න..

GOTABHAYA RAJAPAKSHA PARLIAMENT BASIL RAJAPAKSHA MAHINDHA RAJAPAKSHA BUDGET
By Sewvandhi Nov 12, 2021 09:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 අයවැය සෞභාගයේ දැක්ම පරිපුර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන සකස් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

*නව රාජ්‍ය කාර්යාල ඉදිකිරීම් වසර දෙකකට කල්දමයි.

*රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හැරේ. අවශ්‍යතාවය අනුව සූර්ය ශක්තිය යොදාගැනීමට යෝජනාවක්.

*පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 10ක කාලයක් කටයුතු කළ යුතු වේ.

*සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික පත්‍රිකාවක් සකස් කළ යුතුයි.

*රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරනවා.

*සක්‍රීය සේවයේ යෙදිය හැකි පිරිසට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කෙරේ.

*සමෘද්ධිලාභීන් තෝරාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට.

*රේගුව සමග කටයුතු කරන සියලු ආයතන ඒකාබද්ධ කර ක්‍රමවේදයක් සකස් කිරීම.

*ත්‍රීරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණය කිරීමට නියාමන අධිකාරික්.

*ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් රටම විදුලි සංදේශ ආවරණ ජාලයක් සකස් කර සියලු පාසල් සඳහා අධිවේග අන්තර්ජාල පහසුකම් ලබාදීමට මුල්‍ය හා තාක්ෂණික සහය ලබාදීමට විදුලි සන්දේශ නියාමන කොමිසම පහසුකම් සැපයේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 600ක් වෙන් කිරීම.

*කෘෂිකාර්මික හා වැවිලි ක්ෂේත්‍රයේ වගා කර ඇති ඉඩම් ප්‍රමාණය ප්‍රසාරණය කරමින්, කාන්තාවන්ට හා තරුණයින්ට විශේෂිත පදනමක් මත වගා නොකළ ඉඩම් ලබාදී නව කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමට අවශ්‍ය උසස් තාක්ෂණික කෘෂි උද්‍යාන ඇති කිරීමට යෝජනා කිරීම.

*හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් සම්පාදනය කිරීම.

*කොළඹ වරයා අන්තල වරයක් ලෙසත්, ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරයාක් ලෙසත් ගාලු වරාය සංචාරක වරායක් ලෙසත් හම්බන්තොට වරාය සේවා වරායක් ලෙසත් සංවර්ධනය කිරීම.

*කොළඹ ගුවන් තොටුපොළ නව ධාවන පථයක් ඉදිකිරීමත්, නවීන ඉන්ධන සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම සංචාරකයින්ට ද වඩාත් ආකර්ෂණීය ගුවන්තොටුපොල ලෙස මත්තල දියුණු කර ගුවන් තොටුපොළ ආශ්‍රිතව රෝහල් සහ හෝටල් ඉදිකිරීමට ද අපේක්ෂා කෙරේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha