හැපුව කාලේ ඉවරයි ඔන්න දැන් සූප්පු කරන්න කාලේ හරි අලුතින් ආ බුලත් ටොෆිය.

Cancer Sri Lanka Diabetes Intercropping and Betel Research Station
By Wayomi May 19, 2023 12:22 PM GMT
Wayomi

Wayomi

Report

බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට අතුරු වගා හා බුලත් පර්‌යේෂණ ආයතනය සමත්ව තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පවසන්නේ, බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බුලත් ටොෆී නිෂ්පාදනය කිරීමේ පර්‌යේෂණ සාර්ථක වූ බවයි.

එමඟින් හුනු සහ දුම්කොළ සමග බුලත් විට හැපීමට පුරුදුව සිටින පුද්ගලයන්ට එයට ආදේශකයක් ලෙසද වෙළෙඳපොළේ ඇති අධික සීනි සහ ආහාර වර්ණක යෙදූ ටොෆී වර්ග වෙනුවට කුඩා දරුවන්ට ලබා දිය හැකි ටොෆි වර්ගයක් ලෙසද මෙය හඳුන්වාදිය හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බුලත් නිස්සාරණය කර ලබාගන්නා තෙල්, සීනි, ග්ලූකෝස් සහ වතුර වැනි ද්‍රව්‍ය කිහිපයක් යොදා ගනිමින් මෙය නිෂ්පාදනය කළ හැකි බවත්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මෙන්ම පිළිකා වැළැක්වීමේ ගුණයක් බුලත්වලට පවතින බැවින් මෙම ටොෆි භාවිතයෙන් සෞඛ්‍යමය වාසිද පවතින බව අධ්‍යක්ෂවරිය පවසනවා.

සීනි සහ ජලය යොදා මදගින්නේ හැඳිගාමින් සීනි හොඳින් දියකර ගත් පසු ග්ලූකෝස් එක්කර එම මිශ්‍රණය නූල් ඇදෙන පදමට පත් වූ පසු සෙට්‍රික් ඇසිඩ් සහ නිස්සාරණය කරගත් බුලත් තෙල් යොදා මිශ්‍ර කර ටොෆි අච්චුවක දමා නිවුණු පසු ටොෆි කොළවල එතීම කළ හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW