ඩිජිටල් පද්ධති යාවත්කාලීන කිරීමක් නිසා මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්
By Aylin Zoya
මහජන බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් People's Pay App මඟින් සිදුකරන ගනුදෙනුවලට තාවකාලික බාධා ඇතිවිය හැකි බව මහජන බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව, 2026 අගෝස්තු මස 8 වන දින පෙරවරු 12.45 සිට පෙරවරු 3.45 දක්වා කාලය තුළ අදාළ ගනුදෙනු සේවාවලට බාධා ඇතිවිය හැකි බව සඳහන් වේ.
මෙම තාවකාලික අපහසුතාවය සම්බන්ධයෙන් සියලු ගනුදෙනුකරුවන් වෙත මහජන බැංකුව සිය කනගාටුව ප්රකාශ කර තිබේ.