රාජ්‍ය ආයතනවල පෞද්ගලික දත්ත ආරක්ෂාවට නව නීතිමය මගපෙන්වීමක් - 2027ට පෙර සූදානම් වන ලෙස දැනුම් දෙයි

Report

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන සූදානම් කිරීමේ අරමුණින් දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් නව පෞද්ගලික දත්ත ආරක්ෂණ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

2025 අංක 25 දරන පනතින් සංශෝධනය කරන ලද පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව මෙම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ ලබාදී ඇත.

ඒ අනුව අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය මෙන්ම අනෙකුත් රාජ්‍ය අධිකාරීන් මෙම මාර්ගෝපදේශයට අනුව කටයුතු කිරීමට නියමිතය.

රාජ්‍ය අංශයේ ආයතන විසින් පෞද්ගලික දත්ත රැස් කිරීම, භාවිත කිරීම, ගබඩා කිරීම සහ සැකසීමේදී අනුගමනය කළ යුතු මූලික නෛතික මූලධර්ම පිළිබඳව ද චක්‍රලේඛයෙන් අවධානය යොමුකර තිබේ.

රටටම කාලගුණය ගැන දැනුම්දීමක් - ඉදිරි පැය 24 ප්‍රවේශම් වෙන්න

රටටම කාලගුණය ගැන දැනුම්දීමක් - ඉදිරි පැය 24 ප්‍රවේශම් වෙන්න

එමෙන්ම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සඳහා රාජ්‍ය ආයතනවලට ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික ප්‍රවේශයක් ද මෙහි ඇතුළත් කර ඇති බව දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

පනතේ අදාළ විධිවිධාන 2027 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බැවින්, ඒ සඳහා ප්‍රමාදයකින් තොරව සූදානම් වීමේ කටයුතු ආරම්භ කරන ලෙස දත්ත ආරක්ෂණ අධිකාරිය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව නව නීතිමය අවශ්‍යතාවලට අනුකූලව පෞද්ගලික දත්ත ආරක්ෂණ පද්ධති සහ ක්‍රියාපටිපාටි සකස් කර ගැනීමට රාජ්‍ය ආයතනවලට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට සිදුවනු ඇත.

බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

බන්ධනාගාරවල නොසන්සුන් තත්ත්වය ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න