තමිල්නාඩු මහ ඇමති විජේගේ දික්කසාද කතාව වෙනස් වෙයි

Report

තමිල්නාඩු මහ ඇමති සහ තමිල්නාඩු වෙට්‍රි කල්ගම් (TVK) නායක විජේගේ බිරිඳ සංගීතා විසින් ගොනු කර තිබූ දික්කසාද පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ චෙංගල්පත්තු පවුල් සුබසාධන අධිකරණයේ ගොනු කළ මෙම නඩුව කිහිප වරක් විභාගයට ගෙන තිබුණද, විජේ සහ සංගීතා කිසිදු අවස්ථාවක පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිට නොතිබුණි.

අද (07) පැවති නඩු විභාගයේදී සංගීතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටි අතර, පවතින ව්‍යවස්ථාදායක සැසිවාරය හේතුවෙන් විජේට පෙනී සිටීමට නොහැකි වූ බව සඳහන් වේ.

එහිදී සංගීතාගේ නීතිඥ පාර්ශ්වය දික්කසාද පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී තිබේ.

''අවුරුදු 20කට කලින් වෙන්වුණු ඇයව එක පාරක් දකින්න තිබ්බා නම් ''-මුළු රටම සංවේදී කළ ආදර අමරණීය මතකය

''අවුරුදු 20කට කලින් වෙන්වුණු ඇයව එක පාරක් දකින්න තිබ්බා නම් ''-මුළු රටම සංවේදී කළ ආදර අමරණීය මතකය

වගඋත්තරකරුගෙන් කිසිදු විරෝධයක් ඉදිරිපත් නොවූ බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දී නඩුව අවසන් කර ඇත.

අවශ්‍ය වන්නේ නම් අනාගතයේදී නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය පෙත්සම්කාරියට පවතින බවද අධිකරණය සඳහන් කර තිබේ.