පල්ලන්සේන බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 28දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට
පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අද (07) උදෑසන පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, එය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවීමට පියවර ගෙන ඇත.
තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
පසුව, බන්ධනාගාරයේ පාලනය යළි බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.