නව යුද්ධ හමුදාපතිවරයා පත්වීම් ලිපිය භාරගනී..

Sri Lanka Army
By krishani May 31, 2022 07:54 AM GMT
krishani

krishani

Report

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපති ධුරයට පත් කර තිබෙන අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (31) දින කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා විසින් නව යුද්ධ හමුදාපතිවරයාට බාර දෙන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටින ජේෂ්ඨ නිලධාරියා වන ඔහු හෙට (01) සිට වැඩ බාර ගැනීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ධුරයට උසස් වීමට නියමිතයි.

වසර 35ක සිය සේවා කාලය තුළ මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 4වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, කණ්ඩායම් භාර අණ දෙන නිලධාරී, අණ දෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් හොබවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join