නවතම ජංගම දුරකථන App එකක්..ඔබත් මේ ගැන දැනුවත්ද..?

By Sewvandhi Oct 08, 2021 09:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ප්‍රේෂණ පහසු කිරීමට ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩිකිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය.

මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

ක්‍රියාකාරී කමිටුව විසින් ශ්‍රී ලංකාවට වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා “SL-Remit” නමින් ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර මෙහි ස්වයං පරිශීලක ලියාපදිංචිය,

ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑ ම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම,

ශ්‍රී ලංකාව තුළ ඕනෑ ම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්ෂණික ව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළත් ව තිබේ. මෙයට අමතර ව ආකර්ශණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම,

අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක් ද මෙම යෙදුමට ඇතුළත් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම “SL-Remit” ජංගම යෙදුම මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම වැනි පාර්ශ්වකරුවන්ගේ සහාය ඇති ව ක්‍රියාත්මක කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now