T20 ලෝක කුසලානයට සහභාගිවන නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරක්වය යටතේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම අද (31) දහවල් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ .
තරගාවලියේ සමාරම්භක තරගයට ඔවුන් ක්‍රීඩාකරනු ලබයි. එම තරගය එළැඹෙන 7වනදා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත. එම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
එම ක්‍රීඩකයින් සහ නිලධාරීවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (31) දින දහවල් 11.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තා වේ .