පළමු සංක්‍රාන්ති ලිංගික විවාහය ලියාපදිංචි කර ඉතිහාසගත වූ යුවළ..

By krishani Sep 01, 2023 03:04 PM GMT
Report

නේපාලයේ නීත්‍යානුකූලව විවාහ වූ පළමු සංක්‍රාන්ති ලිංගික යුවල බවට පුද්ගලයන් දෙදෙනෙක් ඉතිහාසගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස විවාහ වී තිබෙන්නේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන Monika Shahi Nath සහ ඇගේ සැමියා  Ramesh Nath Yogi යි.

ඔවුන්ගේ විවාහය නීත්‍යානුකූලව පසුගියදා බටහිර නේපාලයේ Dadeldhura හි දී ලියාපදිංචි කර ඇත. 

මෙම විවාහය සාර්ථකව ලියාපදිංචි කිරීමෙන් පසු Monika Shahi Nath කත්මන්ඩුහි පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව ඇය පවසා ඇත්තේ ඇගේ විවාහය ලියාපදිංචි කිරීමේ අරමුණ නීතිමය වෙනස්කම් කිරීමට නේපාල රජය අවදි කිරීම බවයි.

එමෙන්ම ඇය මෙන්ම අනෙක් අයට ද ඔවුන් ආදරය කරන පුද්ගලයා සමග විවාහ වීමට අයිතිය තිබිය යුතු බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.