නේපාලය සොහොන් පිටියක් වෙයි - මියගිය සංඛ්‍යාව 95 වෙද්දි පදිංචිකරුවන්ට නිලධාරීන් අනතුරු ඇඟවීම් [UPDATE]
නේපාලය සහ ටිබෙට් කලාපය අතර මායිමේ ගම්මාන ඔස්සේ ඇති වූ හදිසි ගංවතුරෙන් අවම ලෙස පුද්ගලයින් 95 දෙනෙකු මිය ගොස් සිය ගණනක් විදේශීය සංචාරකයින් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම අතුරුදහන් වූවන් අතර බ්‍රිතාන්‍ය සංචාරකයින් තිස් තුන් දෙනෙකු සිටින බවට විශ්වාස කරන අතර ඒ අතර වයස අවුරුදු 13 ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන්.
නේපාල සංචාරක මණ්ඩලය ප්‍රකාශ කළේ රටවල් 26 ක විදේශිකයන් 341 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 403 දෙනෙකු අතුරුදහන් වී තිබෙන බවයි.
මේ අතර නේපාලයේ දිස්ත්‍රික්ක කිහිපයක පදිංචිකරුවන්ට නිලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර, භෝටෙකෝෂි, ත්‍රිෂූලි සහ නාරායණි ගංගා ඉවුරුවලින් ඈත්ව සිටින ලෙස ඉල්ලා සිටින බව සඳහන්.
හදිසියේම නේපාලයේ ඇති වූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට - ලොවම කළඹමින් රටවල් රැසක පිරිස අතුරුදන්
එමෙන්ම නේපාල බලධාරීන් සඳහන් කළේ හදිසි ගංවතුර හේතුවෙන් සංචාරකයින් 384 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි. ඉන් 291 දෙනෙකු ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ මැලේසියාව ඇතුළු රටවලින් පැමිණි අය බව වාර්තා වේ.
දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශයට අනුව, ජල විදුලි බලාගාරයක සේවය කරමින් සිටි දකුණු කොරියානුවන් අට දෙනෙකු ද අතුරුදහන් වී ඇති අතර, තවත් 10 දෙනෙකු දැවැන්ත හදිසි ගංවතුරෙන් අතරමං වී තිබෙනවා.
එසේම ඉන්දීය රජය නේපාලයේ පිහිටි තම තානාපති කාර්යාලය සඳහා හදිසි දුරකථන අංක නිකුත් කළ අතර, ව්‍යසනයට ගොදුරු වූ තම පුරවැසියන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ද ඉල්ලා ඇත.