වසර අටකට පසු ද්විත්ව ඝාතනයක් ගැන සැකකරු සියල්ල වමාරයි - නිලධාරීන් සලිත කරමින් කිව්ව ඇඟ හිරිවැටෙන කතාව මෙන්න
වසර අටකට පෙර යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙසේ තොරතුරු අනාවරණය කර ගෙන ඇත්තේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය ඉකුත් ජූනි මස 8 වැනි දින විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මීට වසර 8කට පෙර නිශ්ශංක නමැති බලලත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු කුරුවිටදී පහරදී ඝාතනය කළ බවයි.
පද්මේගේ ෆෝන් එක නිසා සියල්ල එළි වෙයි - දේශපාලනඥයන් 9ක්, බන්ධනාගාර නිලධාරින් 13ක් සහ නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 7කගේ පැටිකිරි වැට පනී
ඒ එම පුද්ගලයාගේ බිරිඳ සමඟ සැකකරු සමීප සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් බව ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ සඳහන් කර තිබෙනවා.
එම මළ සිරුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක වළදමා පසුව ප්‍රදේශයේ පිහිටි ගඟකට එය දැමූ බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.
එසේම සැකකරු අදාළ ස්ථානය ඊයේ විමර්ශන නිලධාරීන්ට පෙන්වා ඇතත් මළ සිරුර මේ වන තෙක් සොයාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව සැකකරු අදාළ සිද්ධිය පිළිබඳව දැන සිටි 25 හැවිරිදි තරුණියක් ඉන්දියාවට රැගෙන ගොස් එහිදී ඝාතනය කර අතුරුදන්කර ඇති බවද ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
එම තරුණිය සමඟ ද ඔහු සමීප සබඳතාවක් පවත්වා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.