ශ්‍රී ලංකාව නේපාල රජය සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරනවා.. ලොවක් කම්පා කළ නේපාල ඛේදවාචකය ගැන විජිතගෙන් X සටහනක්
නේපාලයේ රසුවා දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අමාත්‍යවරයා විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම දැවැන්ත ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවන් වෙත සිය සංවේගය පළ කරන බවයි.
අඳාළ සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, “මගේ සිතුවිලි විපතට පත් සියලු දෙනා සමඟයි, විශේෂයෙන්ම මෙම දුෂ්කර කාලය විඳදරාගන්නා පවුල් සහ ප්‍රජාවන් සමඟ මා රැඳී සිටිනවා,” යනුවෙන්.
එමෙන්ම මෙම ආපදා තත්ත්වය හමුවේ දිවි නොතකා සහන සැලසීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින නේපාල බලධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල දැඩි කැපවීම අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ මෙම අභියෝගාත්මක සහ කටුක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව, නේපාල රජය සහ එරට ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවයි.
එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
I am deeply saddened by the devastating floods reported in Rasuwa District and other parts of Nepal.
— Vijitha Herath (@HMVijithaHerath) August 26, 2026
My thoughts are with all those affected, and especially with the families and communities enduring this difficult time. I commend the efforts of the Nepalese authorities and all…