එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

Report

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වන ජිවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප ලබන සැප්තැම්බර් මස 14 වන දින සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයක කාලයකට වසා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි.

මෙරට ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන කලාපයක පිහිටි යාල උද්‍යානයේ I සහ II කලාප, අතීතයේ සිටම වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හා අධික උෂ්ණත්වය නිසා සතුන්ට ඇතිවන තාප ආතතිය අවම කිරීම උදෙසා සම්ප්‍රදායිකව වසා තබන බව සඳහන්.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

නියඟයෙන් පීඩාවට පත් සතුන්ට අඛණ්ඩව ජලය සැපයීම සහ උද්‍යානය තුළ පිහිටි ස්වාභාවික වැව්, පොකුණු හා දියවලවල් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදු කරන අතර කලාප I සහ II තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩනැගිලි, සංචාරක නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම්වල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු මෙම කාල සීමාව තුළ සිදු කිරීමට නියමිත බව පවසයි.

එම කාලසීමාව තුළ I සහ II කලාප තුළට ඇතුළු වීමට අවසර හිමි වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අදාළ කාර්ය මණ්ඩලයට පමණක් බව ද වාර්තා වේ.

එසේම මෙමඟින් සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරමින්, නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති යාල ජාතික උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයින් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතින බව ද සඳහන්.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්