විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ නේපාලයේ සිටි ශ්‍රී ලාංකිකයන් ගැන දැනුවත් කිරීමක්

Report

විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අනතුරට පත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් නේපාලයේ කත්මණ්ඩු අගනුවර ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යාවක් රැදී සිටින බව සඳහන්. දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම නිසා ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා ඒම නිසා මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබුණා.

එමෙන්ම ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙසේ හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට ද විශ්වාස පළ වේ.

හදිසියේම නේපාලයේ ඇති වූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට - ලොවම කළඹමින් රටවල් රැසක පිරිස අතුරුදන්

හදිසියේම නේපාලයේ ඇති වූ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට - ලොවම කළඹමින් රටවල් රැසක පිරිස අතුරුදන්

එමෙන්ම ගංවතුර තත්ත්වය නිසා බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙසේ විනාශකාරී ජල ගැලීමක් හටගෙන තිබෙන අතර, එමඟින් පහළ ප්‍රදේශ වෙත හදිසි ජල කඳක් මුදා හැරුණු බවට වාර්තා විය.

ඒ අනුව මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව සඳහන්.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

එසේම ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා විය.

කෙසේ වෙතත් මේ වන විට මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 291දෙනෙකු ඇතුළුව තවත් 400දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කරමින් මුහුද කැළඹෙයි - රළ ගොඩට එයි - සූදානමින් සිටින්නැයි රතු එළියක්