ආයේ මේ අයට රාජකාරී වේලාවෙදි සමාජ මාධ්‍ය භාවිතය තහනම්.. විශේෂ චක්‍රලේඛයක් - උල්ලංඝනය කරන නිලධාරීන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන්.
එසේ සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන බැවින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නව චක්‍රලේඛය යටතේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය හිමිවී ඇත.
ඊට අමතරව එම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
ආයේ මේ අයට රාජකාරී වේලාවෙදි සමාජ මාධ්‍ය භාවිතය තහනම්.. විශේෂ චක්‍රලේඛයක් - උල්ලංඝනය කරන නිලධාරීන්ට දැඩි නීතිමය ... by kaushalyalakshani538