පාතාල ලෝකය කළඹපු කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට - වැලිසරට දාන්න එපා කියපු හේතුව මෙන්න
රැඳවුම් නියෝග මත සිට ලබන මස 03 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෝරළගමගේ මන්දිනු පත්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකර ඇත.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අදාළ නඩුව කැඳවූ අතර එහිදී මෙම සැකකරුගේ නීතිඥයින් කරුණු දක්වමින් පවසා තිබුණේ වැලිසර බන්ධනාගාරය තුළ මෙම සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බැවින් ඔහු වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එබැවින් සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙස අධිකරණය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.
ඒ අනුව සැකකරු ඊයේ(25) පස්වරුවේම බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.