ත්‍රිකුණාමලයේ ඉන්ධන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් - තෙල් ටැංකි 29ක් ලබා දීමට ටෙන්ඩර් කැඳවයි

Report

දැනට අතහැර දමා ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවීමට තීරණය කර තිබෙන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

ඒ අනුව කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ ඊට අදාළ මූලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් ආයතනය සතුව පවතින තෙල් ටැංකි 61න් 29ක් මේ යටතේ බදු පදනම ලබාදෙන බවද කළමනාකාර අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

එසේම ත්‍රිකුණාමලයේ ඉන්ධන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් පිහිටුවන බව ඔහු පැවසූ බව සඳහන්.

තවද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ත්‍රිකුණාමලයේ පවතින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති තෙල් ටැංකි දෙකක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති අතර තවත් තෙල් ටැංකි තුනක් ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවයි.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්