covid අවදානම හේතුවෙන් නගරයක් සම්පූර්ණයෙන්ම වසා දමයි

Covid 19 Galle
By Sithumi Aug 08, 2021 04:20 PM GMT
Sithumi

Sithumi

Report



නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා හෙට(09) සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි.

ඉකුත් 3වනදින සිට අද දක්වා කාලය තුල නෙළුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවි ඇති කොඩිඩ් ආසාදිතයිනගේ සංඛ්‍යාව 55කි.එනිසා ඇතිවි තිබෙන තත්වය පාලනය කිරිමට සහාය දැක්විමක් ලෙස මෙසේ දින තුනක් නගරයේ වෙළඳ සල් සියල්ලම වසා දැමිමිට තිරණය කල බව ඒමහතා පැවසිය.