මම මේ ටිකේම ඇඩූ කදුලින්මයි ඉන්නේ-ජනප්‍රිය සුරූපී නිලි නෙහාරා පීරිස් (PHOTOS)

srilanka Gossip Neraha peiris
By Sithumi Jan 20, 2022 12:35 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි නෙහාරා පිරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ.

කොහොම නමුත් පහුගිය කාලයේ අලුත් නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුණු සුරූපී නිලි නෙහාරා පීරිස් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශන වන ගුග්ලි ටෙලිනාට්‍ය හරහා නැවතත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් ඒ වගේම තමයි මෙහි විශේෂත්වය වෙන්නේ මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ඇයගේ ආදරණීය සැමියා වන මේනක රාජපක්ෂ වීම. ඉතින් මේ ටෙලිනාට්‍ය ගැන පහුගිය දවසක නෙහාරා පිරිස් පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් අවුරුදු එක හමාරකට පසුව තමයිලු නෙහාරා ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණේ. අන්තිමට ඇය රංගනයෙන් දායක වුණේ හේලි නාට්‍යයටලු. ඉතින් ඒ ටෙලිනාට්‍යයෙන් පස්සේ පුංචි විරාමයක් ගන්න වුණාලු බබා ලැබෙන්න හිටපු නිසා.

ඉතින් පෞද්ගලික ජීවිතේ ඒ වැඩ කටයුතුත් එක්ක ටික කාලෙකින් තමයි නැවත පුංචි තිරයට එකතු වුනේ කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම මේ ගුග්ලි ටෙලි නාට්‍යය ඇයට විශේෂ වෙන්න ප්‍රධානම හේතුව මේ කතාවේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ ඔහුගේ සැමියා මේනක වීම කියලයි ඇය පවසන්නේ. 

 ඉතින් ඒ වගේම මේ කතාව ක්‍රිකට් හා බැඳුණු කතාවක් කියලත් ඇය පවසනවා. ඇය මේ කතාවේ එක්දරු මවක් විදිහටලු රඟපාන්නේ, ඇය නමින් සහේලි, ඉතින් මේ චරිත රංගනයේ විදියට ඇයගේ පුතාට හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන පුළුවන්ලු.

ඒ නිසාම ඔහුට ඒ හරහා සම්මානයක් ලැබිලා. එයත් රැගෙන නිවසට පැමිණෙන විට ඇයත්, ඇයගේ මහත්තයාත්, බබාත් අනතුරකට ලක්වෙනවාලු. එහිදී මහත්තය සහ දරුවා අතුරුදහන් වෙනවාලු. ඉතින් හිතන්නෙ දෙන්නාම මිය ගිහින් කියලාලු. ඉතින් ඒ දුකින් තමයිලු ඇය ජීවිත්තේ ගෙවන්නේ. ඉතින් ඒ වගේම ඇය මේ වගේ චරිතයක් රඟපානෙ පළවෙනි වතාවටලු.

ඉතින් ඇයත් මේ ටිකේ ඇඬු කඳුළින් චරිතයේ රංගනයේ යෙදෙනවාලු. ඉතින් ඒ වගේම පසුගිය කාලෙ විකාශය වුණු කොටස්වලින් ඇයට මේ වෙද්දී ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය පවසනවා.

ඒත් එක්කම ගොඩක් කට්ටිය දක්වලා තිබුණු ප්‍රතිචාරවල තිබුණේ නෙහාරා අපිවත් අඩවනවා කියලාලු. ඒ වගේම තමයි මේ කතාවෙ විදියට ඇයගේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවලු. අයියට රංගනයෙන් දායක වෙන්නෙ ගයාන් වික්‍රමතිලකලු. මල්ලිට ඉන්නේ හෂාන් රත්නායකලු.

ඉතින් හෂාන් ඇයට නිතරම කියන දෙයක් තමයිලු නෙහාරා අක්කේ ඔයා අඩද්දී මගේ ඇස්වලටත් ඉබේටම කඳුළු එනවා කියන එක. ඒ තරමටම දුක හිතෙනවලු. ඉතින් ඒ ප්‍රතිචාරවලට ඇය ඇත්තටම ගොඩාක් කැමැතියි කියලයි ඇය පවසන්නේ.

ඒවැනි ප්‍රතිචාර ලැබෙන්නේ ඇයගේ රංගනය සාර්ථකත්වයක් තියෙන නිසා වෙන්න ඇති කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම දැන් ඇයත් අම්මා කෙනෙක් නිසා වෙන්න ඇතිලු ඒ චරිතය ඇයට එතරම් හිතට දැනෙන්නේ.

ඉතින් ඒ ගැන හිතද්දිත් ඉක්මනින්ම කඳුළු එවා ඇස් දෙකට. ඒ නිසාම මේ චරිතය තාත්විකව කරන්න ඇයට හැකිවෙලා තියෙනවා කියලයි ඇය පවසන්නේ.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha