මම ඉස්කෝලේ යන කාලේමයි මගේයි මේනකගෙයි බබාට දාන නම තීරණය කරලා තිබුණේ.නෙහාරා (PHOTOS)

srilanka Menaka nehara
By Sithumi Nov 14, 2021 03:46 PM GMT
Sithumi

Sithumi

Report

නෙහාරා පීරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්‍රයේම හිටපු අති දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමග. විවාහයෙන් පසු කාලයක්ම දෙන්න පේන්න හිටියේ නැත්තේ ඔවුන් ලංකාවෙන් ඇමරිකාවට ගිහින් හිටපු නිසා. නමුත් මේ වෙනකොට ඔවුන් ලංකාවට ඇවිල්ලා පුංචි දියණියකගේ දෙමාපියන් බවට ද පත් වෙලා තියෙනවා

. 1 මේනක රාජපක්ෂ මේ වෙනකොටත් තමන්ගේ කලා කටයුතු ආරම්භ කරලා තිබුණත් නෙහාරා පීරිස් නම් තවමත් කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.ඒ ගැන අපි අයත් එක්ක කතා කරේ කලේ මෙන්න මේ විදියට.ඉතාම කාර්ය බහුල කාලයක් වුණත් ඉතින් සතුටින් සැහැල්ලුවෙන් ගත කරනවා. අම්මා කෙනෙක් විදිහට මගේ දියණියත් එක්ක තමයි මම වැඩිපුරම කාලය ගතකරන්නේ.

මේනකගේයි මගෙයි ලෝකෙ තමයි මේලි. මගේ දුවගේ නම මේලි නිකොලා රාජපක්ෂ. මේ නම මම එයාට දාන්න හිතාගෙන හිටියෙ එයා ඉපදෙන්නත් කලින් ඉඳන්. මම ඉගෙන ගත්තේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. එහෙ ඉගෙන ගන්න කාලේදී පාසල් ක්‍රීඩා කටයුතු කරන කාලවලදී මට භාරව තිබුණේ පාසලේ 3 වසර. ඒ පන්තියේ හිටිය චූටි හුරතල් චීන බබෙක් එයාගේ නම මේලි. ඒ නමට මං එදා ඉඳන්ම ආස කළා. 

මේරී කියන නම අහල තිබුනත් මේලී කියන නම මම අහල තිබුණෙ නැහැ. 2 ඉතිං මං ඒ දවස් වල ඉඳන්ම හිතාගෙන හිටිය මම කවදහරි දවසක බැඳලා චූටි දුවෙක් හමුවුණොත් ඒ නම දානවා කියලා.අන්න ඒ විදිහට තමයි මගේ දුවට මම මේලි කියලා නම තිබ්බේ. ඒ ගැන මම මේනකටත් කියලා තිබ්බේ. දුවෙක් ලැබුණොත් මම මේ නමට ආසයි කියලා මේනකත් ඉතිං ඒකට කැමති උනා. මගේ දුවත් එක්ක ගත කරන ජීවිතේ කාර්යබහුල වුණත් ඒ කාර්යබහුල කමට මම ගොඩක් ආසයි බබා හම්බෙලා මුල් කාලේ මම ගොඩක් මහත් වුණා. 

බබා හම්බ වෙලා ඉවර වෙද්දි මගේ බර කිලෝ හැට අටක් විතර වුනා. පස්සෙ මම ටික ටික කවුරුත් එහෙම කරන්න ගත්තා දැන් මේ වෙනකොට මගේ බර කිලෝ 60 කට අඩුයි. එක්සයිස් කරන්න පටන් ගත්ත මුල් කාලේ මං දවස් හතම ජිම් ගියා. පස්සේ තව දවසක් අඩු කරා. මේ වෙද්දි නම් යන්නේ දවස් පහයි. ඉතින් මේ දේවල් එක්ක කොච්චර කාර්යබහුල වුණත් ගෙදරින් එලියට ගිහින් ගෙදරට එනකල් සිහියක් නෑ.3 3 මොකද ඒ තරම් හදිස්සියි බබාව බලන්න. 

දැනට නම් බබාගේ හැම වැඩක්ම මම ගොඩක් ම ආසාවෙන් මගේ අතින්මයි කරන්නේ . ඉස්සරහට ඉතින් රූපගත කිරීම්වලට එහෙම නම් සහභාගි වෙද්දි මට මේ දේවල් කරන්න හැකියාවක් වෙන එකක් නැහැ. නමුත් මේ ඉන්න කාලේ මං ඒ දේවල් ගොඩක් ආසාවෙන් කරනවා. මට උදව්වට මගේ අම්මා තාත්තා ඉන්නවා. මේනකගේ අම්මයි අක්කයිත් පුළුවන් පුළුවන් හැම වෙලාවෙම බබාව බලන්න එනවා. 

ඊට අමතරව මේනකත් මට දෙන්න වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සහයෝගයක්.මම ඉතින් තවත් ටික කාලයක් විවේක ගන්නවා. මොකද දරුවත් තාම පොඩි නිසා එයාගේ වැඩත් එක්ක කාර්යබහුල වෙන්න වෙනවා. ඒ නිසා එයාව මග ඇරගන්න බැහැ. 

තවත් පොඩි කාලෙකින් මමත් කලා කටයුතුවලට කොහොමත් සම්බන්ධ වෙනවා. බලමු ඉතිං ඉදිරියේ දී හොඳ නිර්මාණයකින් අපි මුණගැහෙමු.නෙහාරා පීරිස් අවසන් වශයෙන් අදහස් පළ කළේ ඒ විදියට.