කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයත් නිහඩ විරෝධතාවයට එක්වෙයි - (VIDEO)

Sri Lanka protest Negombo ester attack badli junction katuvapitiya church
By Sewvandhi Apr 17, 2022 01:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් සහ සියළු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මීගමුව - බාල්දි මං සන්ධියේදී අද (17) නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධාන කළ මෙම නිහඬ විරෝධතාව සඳහා රජයේ විශ්වවිද්‍යාල 17ම නියෝජනය කරමින් සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් වන කටුවාපිටිය දේවස්ථානයේ සිට මීගමුව - බාල්දි මංසන්ධිය දක්වා පා ගමනින් පැමිණ මෙම නිහඬ විරෝධතාවය පවත්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now