අදත් ඇඟ හිරිවැටෙන බිහිසුණු අනතුරක් - බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ වාහන හතරක් එකිනෙක ගැටෙයි

Report

අද (23) දින බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බදුල්ල ශික්ෂණ රෝහල අසල වාහන හතරක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මෙසේ එකිනෙක ගැටී ඇත්තේ මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ කැබ් රථයක් බව ද වාර්තා වේ.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයක් තුළ පාඩම් කරමින් සිටි සිසුවියක් සහ තවත් ත්‍රිරෝද රථයක රියදුරෙකු තුවාල ලබා තිබෙන බව පවසයි.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

එමෙන්ම ත්‍රී රෝද රථ දෙක සහ කැබ් රථය පෙරවරු 09.15ට පමණ මෙම ස්ථානයේ නතර කර තිබූ අතර බැවුම් සහිත මාර්ගයේ ධාවනය වූ මෝටර් රථය එහි රියදුරාට පාලනය කර ගත නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකේ ගැටී එම ත්‍රීරෝද රථයක් ඉස්සර හට තල්ලුවී කැබ් රථයේ පිටුපස වැදී ඇත.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිසියේ රථ වාහන අංශය විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

[UOBMMFH