කඳුකරයට මහ වැසි දිස්ත්‍රික්ක 4කට නායයෑමේ රතු එළියක් - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් හදිසි නිවේදනයක්

Report

පවතින දැඩි වර්ෂාපතයත් සමඟ දිවයිනේ නායයෑම් කලාප රැසක නායයෑමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කලමනාකරන අංශයේ අධ්‍යක්ෂ ඒ.එල්.කේ. ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා සදහන් කරයි.

  පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අද (12) පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත පසුගිය දින කිහිපය පුරාම නායයෑම් බහුල ප්‍රදේශයන් වෙත සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඒ හේතුවෙන් මාතලේ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මේ වන විටත් 1 වන මට්ටමේ සහ 2 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ඉදිරි දින කිහිපය තුළ මිලිමීටර් 100 සිට 150 දක්වා තද වර්ෂාපතනයක් ලැබුණහොත්, නායයෑම් සිදුවීමේ ඉතා ඉහළ සංභාවිතාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ

මධ්‍යම කඳුකරයේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවලට වැසි ඇදහැලීමේ දැඩි ප්‍රවණතාවක් පවතින හෙයින් විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු යන පළාත්වල ස්ථාන රැසක නායයෑමේ අවදානමක් පවතින බව එතුමා සදහන් කර තිබේ පසුගිය දිට්වා ආපදාවලින් හානියට පත්වී අධි අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව වෙසෙන්නේ නම්, හදිසි අවස්ථාවකදී වහාම සුරක්ෂිත ස්ථාන වෙත යෑමට සූදානමින් සිටින ලෙස ඒ මහතා මහජනතාවට දැනුම්දෙනු ලබයි.

තවද පස්කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් සහ පාරවල් ගිලාබැසීම් සිදුවිය හැකි බැවින් කඳුකර මාර්ග ඔස්සේ ගමන් ගන්නා රියදුරන් සහ පදිකයින් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කලමනාකරන අංශයේ අධ්‍යක්ෂ ඒ.එල්.කේ. ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා තව දුරටත් සදහන් කර තිබේ.

බෙංගාල බොක්කේ හදිසි කැළඹීමක්! හෙට සිට මි.මී. 150 පනින අතිශය තද වැසි - ප්‍රදේශ රැසකට රතු එළියක්

බෙංගාල බොක්කේ හදිසි කැළඹීමක්! හෙට සිට මි.මී. 150 පනින අතිශය තද වැසි - ප්‍රදේශ රැසකට රතු එළියක්

අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න

අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න