මන්ත්‍රී චාමර සම්පත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

Report

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පෞද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් - ජනතාවට විමසිලිමත් වන ලෙස විශේෂ දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් - ජනතාවට විමසිලිමත් වන ලෙස විශේෂ දැනුම්දීමක්

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට