රෝහලක් සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට ලක්වෙයි..

Covid Hatton Sri Lanka Hospital Nawalapitiya
By Aruna Sep 03, 2021 06:04 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන රජයට පවරා ගත් වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසර තුනක් තිස්සේ වසා දමා තිබිම නිසා රෝහල අවට වතු 06ක රෝගින් දැඩි අසිරුතාවට පත් ව තිබෙනවා.

2009 වසරේ වතු රෝහලේ රජයට පවරා ගැනිමේ ව්‍යාපෘතිය යටතේ වෙස්ට්හොල් වතුරෝහල රජයට පවරාගෙන විශාල මුදලක් වැය කර එම රෝහල නවිකරණය කර 2018 වසර දක්වා පවත්වාගෙන පැමිණි බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

නේවාසික ව 30 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හැකි පහසුකම් ගණනාවකින් සමන්විත එම රෝහලේ, වසර 03ක සිට කිසිදු වෛද්‍යවරයෙකු සේවයේ යෙදි නො සිටින බවත් නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙද නිලධාරිනියන් විසින් මාසකට එක් වතාවක් එම රෝහලට පැමිණ සායන කටයුතුවලට සහභාගි වන රෝගින්ගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර බලා ඖෂද පමණක් ලබාදෙන බවත් එම රෝගින් පවසනවා.

රෝහල අවට පිහිටි ඇතටන් , රිලාගල , වෙස්ට්හොල් , බාර්කේපල් , බාරන්ඩා, බොහිල් ,කඩියන්ලෙන යන වතුවල පදිංචි රෝගී ජනතාව ප්‍රතිකාර ලබා ගැනිමට මෙම රෝහලට පැමිණි බවත්, එම රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට කිලෝමිටර් 13 ක් යා යුතු බවත් ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසා දැමිම නිසා එම රෝහල තුළ තිබෙන වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බව හා රෝහල අවට භුමිය ද දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

නාවලපිටිය වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල අවට පදිංචිකරුවන් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වය මත එම රෝහලට වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර රෝහල යළිත් විවෘත කරන ලෙසට යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now