නාවලපිටියේ දොළොස්බාගේ පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට - පවුල් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරේ
By Malith Madushan
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය සෝලන්කන්ද ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර, අධික වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ද බලපා තිබේ.
ඒ අනුව, නාවලපිටිය ප්‍රදේශයේ පවුල් 38කට අයත් පුද්ගලයින් 138 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.