ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්
මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (04) දින උදෑසන දක්වා පවතිනු ඇති බවත්, දහවල් කාලය වනවිට එහි අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා මේ බව පැවසුවා.
මේ අතර ඔහු කියා සිටියේ ජපානයට දකුණින් මේ වනවිට පැසිෆික් මුහුදේ සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතින බවයි.
ඒ අනුව පැසිෆික් සාගරයේ ඇති වී තිබෙන ටයිෆූන් (Typhoon) නම් කුණාටුවේ බලපෑම හේතුවෙන් ලබන 06 වැනි දින සිට නැවතත් වැසි තත්ත්වය වැඩිවනු ඇති බවට අපේක්ෂා කරන බවත් අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ප්‍රදේශවලට තරමක වැසි ඇති විය හැකි අතර විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වශයෙන් වැසි අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.