ඉදිරි පැය 24 ඇතුළත ගං වතුර අවදානම් සහිත කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ මෙන්න

Report

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගංගා ජල මාපකවල වාර්තා වන ජල මට්ටම් සහ පවතින වර්ෂා තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

ඒ අනුව, දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

පේරාදෙණිය ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවදානමක් - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට

පේරාදෙණිය ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවදානමක් - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට

ඉදිරි කාලයේදී තද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට පවතින පුරෝකථන හේතුවෙන් ගඟේ ජල මට්ටම හදිසියේ ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, ප්‍රදේශවාසීන්, ගංගාව භාවිත කරන පුද්ගලයින් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අග්‍ර ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් - පහත්බිම් ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

අග්‍ර ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් - පහත්බිම් ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න