අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගක දරුණු නායයෑමක්

Report

ගිනිගත්හේන සහ නාවලපිටිය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද (03) දින නායයාමට ලක්ව තිබේ.

පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ස්ථානයේ රථවාහන ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීමට පියවර ගෙන ඇත.

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

ලංකාවේ ඉදිරි පැය 36 මේකයි වෙන්න යන්නේ - මේ පැති වල ජනතාව දැනුවත් වෙන්න

මේ අතර, පවතින තද වැසිත් සමඟ එම මාර්ගයේ අඹගමුව ප්‍රදේශයෙන් ජල පහර පිටාර ගැලීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි